සීතල හාදුවකින් 💗
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ..
ලස්සන මතක අපේ හසරැල් පිරුණූ..
දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ..
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ..
නාකපන අනෝරා වැස්සක අකුණු නිසා..
ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා..
අමතන අංකේ මගේ අවහිර කරලන්නට..
ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම..
පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන.
තව එක පාරක් මා හමුවන්නට එනවද
සීතල හාදුවකින් ............
Comments
Post a Comment